Fiverr Conversation and Buyer Request


Group එකේ දැක්කා ගොඩක් අය post දාල තිබුනා first page තිබුන gig එක හොයාගන්නවත් නෑ එක දිගට order එන්නේ නෑ කියලා. Queue එකේ order 20-30 තියෙන අයට නෙවෙයි මේ ටික කියනේ තවම new seller, level 1 වගේ ඉන්න ගෙමක් ගහන්න හිතන් ඉන්න සෙට් එකට මේක වැදගත් වේවි කියලා තමා මේ ටික කියන්නේ. වැරද්දක් තිබුනොත් නිවැරැදි කරන්න. 


මේ ගැන පොඩ්ඩක් හොයලා බලලා මෙහෙම වෙන්න පුලුවන් හේතු දෙක තුනක් මන් හොයාගත්තා.


1). Conversation Ratio


මේකෙන් කියන්නෙ මට තෙරෙන විදිහට අපිට එන message එකකින් අපි කතා කරලා අපිට order එකක් ගන්න පුලුවන් හැකියාව. 


ඉතින් මෙතනදී ගොඩක්ම වටින්නේ අපේ communication skill එකයි marketing වල හැකියාවයි තමයි. ඉතින් මෙතනදී මට තෙරැම් ගන්න පුලුවන් උනා අපි කොහොමද හරියට මෙතන game එක ගහන්නේ කියලා.


* ඔයාට මුලින් message එකක් ආපු ගමන් අපි බොහෝදුරට කරන දෙයක් තමයි thank you for contacting me කියලා යවන එක. ඒක වැරදි නෑ හැබැයි අපිට පුලුවන් ඒක තව පොඩ්ඩක් පොලිස් කරගන්න. මුලින් ඔයා message එක හරියට කියවලා වැඩේ තෙරුම් ගන්න. ඊට පස්සේ ‍යවන පලවෙනි message එකෙන්ම ඔයා buyer අල්ලාගන්න ඕන. කොහොමද? ඔයා message එකට මේ දෙවල් එකතු කරගන්න. 


Hi there, thank you very much for contacting me. I have gone through your message and im happy to say that im really interesting to work on this project with you. ඊට පස්සේ මේ ටික ඔයාගෙ වැඩෙට අනුව කියන්න. මම ඔයාගෙ project එක හොදට තෙරැම් ගත්තා, මම ඔයාගෙ project එක මෙන්න මේ විදිහට තමයි කරන්න ඉන්නේ, මම ඔයාට deliverable විදිහට මේ දෙවල් දෙනවා, ඔයාට තවත් අවශ්‍ය දෙවල් කියන්න අපි ඒ දෙවල් ගැන කතා කරමු. තව පුලුවන්නම් ඔයා use කරන software ගැන idea එක්ක දෙන්න. ඊට පස්සේ ඔයාගෙ ගාන ගැනවත් වැඩෙට යන දවස් ගාන ගැන කියන්න යන්න එපා. ඔයා කෙලින්ම අහන්න ඔයට මේ project එක කවදද ඕන, ඔයාට මේ project එක වෙනුවෙන් කියක් spend කරන්න පුලුවන්ද කියලා. 


මේ වගේ වෙලාවට බොහෝදුරට buyer එයාගෙ budget එකයි time frame එකයි කියයි. එතන්දී ඔයා satisfied නම් අවුලක් නෑ හැබැයි ගාන මදි දවස් ගාන මදි වගේනම් කතා කරන්න හරියට එයාට පැහැදිලි කරලා දෙන්න ඒවට හේතුව. ඊට පස්සේ කියන්න ඔයා එයාගෙ project එකෙන් එයා බලාපොරොත්තු වෙන output එක අනිවාර්යෙන් දෙනවා කියලා හැබැයි කියන්න එපා කවදාවත් unlimited revisions දෙනවා කියලා. එකම වෙන විදිහට කියන්න im willing to give you modifications until you satisfied but we cannot change what we agreed in the chat. 


කවදාවත් sir,bro වගේ දෙවල් කියන්න යන්න එපා. 


2). Private Feedback


මේක එන්නේ අපි order එකක් complete කරාම buyer ta. අපිට 5 star වැටුනත් අපිට කියන්න බෑ buyer private feedback එක හරියට දෙයිද කියලා මේක ගැන හරියටම දැනගන්න ඕනනම් අපි හරියටම වැඩේ කරන්න ඕනමයි. 


අපි ඉල්ලන ගාන අපි ඉල්ලන දවස් ගාන දෙනවනම් ඇත්තට අපිට පුලුවන් වෙන්න ඕන ඌ ඉල්ලන දේ දෙන්න. එහෙම බැරිනම් අපි fail. 


ඕනම වැඩක් තමන්ගේ වැඩක් කරගෙන අලුත් experience එකක් කියලා හිතාගෙන කරන්න. තමන් satisfied වෙලා ඉන්න මුලින්. ඒ නිසා ඔයාට දෙන්න පුලුවන් best output එක දෙන්න.


Order එක දවස් 5 නම් අවසාන පැයෙන් deliver එක දෙන්න එපා. දවස් 3-4 inbox samples යවන්න. Revision ඉල්ලුවොත් ඒවා කරලා දෙන්න හොදටම. එතකොට ඉබෙටම private feedback එක හොදට හැදෙනවා. Tip එකකුත් හම්බවෙයි.


3). Buyer Request


Buyer request එකක් offer කරද්දී වැදගත් අපි යවන offer එකට අපි ලියන ටික. කවදාවත් මේ දේවල් කරන්න එපා.


* තමන්ගේ සුදුසුකම් කියන්න යන්න එපා ඕනවට වඩා. මම කියන්නේ කියන්න යන්නම එපා.

* මට order නෑ. ඒ නිසා මට chance එකක් දෙන්න. දුක කියන්න යන්න එපා.

* ලොකු හෑලි ලියන්න එපා මම level 1, level 2 මම order 500 කරලා තියෙනවා ඒවා මේවා.


මුලින් හොදට request එක කියවන්න ඔයාට කරන්න පුලුවන් කියලා satis නම් යවන්න. මෙන්න මේ දේවල් එකතු කරගන්න.


* මම ඔයාගේ request එක හොදට කියෙව්වා.

* මට මේක කරන්න පුලුවන් මම මේක කරන්නේ මෙහෙම මම ඔයාට දෙන්නේ මේක.

* මට ඔයා එක්ක තව විස්තර කතා කරන්න ඕන මේ ගැන ඒ   නිසා මාව සම්බන්ධ කරගන්න.

* ඔයාගේ time frame එක budget එක ගැන මට idea එකක් නෑ ඒ නිසා මාව contact කරගන්න අපි දෙන්නටම හානියක් නොවෙන්න අපි හොදම offer එක කතා කරගමු.

* ඔයාට මගේ වැඩ ගැන බලාගන්න ඕනනම් මගේ gig එක check කරන්න ඔයාට එතකොට හොද idea එකක් ගන්න පුලුවන් වේවි.


ඔන්න ඔය ටික අනිවාර්යෙන් එකතු කරගන්න. 


එහෙනම් කොල්ලෝ අපි ගියා. වැඩි වැඩියෙන් orders ලැබේවා.